වෙන කවදාවකටත් වඩා අප සැමට තොරතුරු තාක්ෂණික දැණුමක් තිබීම අත්‍යඅවශ්‍ය කරුණක් වී තිබේ. ඒ මන්ද යත් දියුණු වෙමින් ගමන් කරන තරගකාරී ලෝකය හමුවේ ණය බරින් හෙම්බත් වී සිටින අපගේ රට වැනි දුප්පත් රටකට දණින් නොවැටී නැගී සිටීමට නම් තාක්ෂණික දැණුම නිවැරදි භාවිතාවක යෙදෙන රට වැසියන් බිහි කර ගැනීම අතිශයින් වැදගත් වන නිසයි. සෑම පුද්ගලයෙකු අතම ජංගම දුරකථනයක් තිබෙන බැවිනුත් ඉන් Internet හරහා ගීත ඇසීමටත්, චිත්‍රපට බැලීමටත් ඇති හැකියාව නිරීක්ෂණය කළ විට නම් අපට හිතෙන්නේ ලාංකියන් ලෝකය තුළ අංක ඒකේ දියුණු අය වගේ තමයි. නමුත් මොහොතක් සිතා බලන්න මේ හැකියාවන්ගෙන් ම පමණක් ම අපට ලගා කරගත හැකි දියුණුවක් නැහැ නේද?. ඉතින් සැමට හරි අධ්‍යාපනයක් ලබා දීලා තාක්ෂණය රට දියුණු කරන නිවැරදි දිශානතියකට යොමු කරවන්න අපි සෑහෙන කාලෙක ඉදන් උත්සාහ කරන්නෙ. හැබැයි ඒ උත්සාහයන් වතුරෙ ගිය අවස්ථාත් ඕන තරම් තිබුණ. ඒත් තාම අපි වැඩේ අත්හැරල නැහැ. "බාදා වලට ද බාදා ගෙන දී පෙරට ම යමු ලංකා" කියල කියනවනේ.

නිවාඩුවක් ලැබුන ගමන් දැන් කාලේ අපේ ළමයි කරන්නේ Phone වලින් game කරන එක, Video film බලන එක නැතිනම් TV බලන එක නමුත් අපේ පංතියට එන පාසල් ළමයින් නිර්මාණශීලී දේවල් කරන්න යොමු වෙලා. ඉතින් ඒ අයගේ නිර්මාණශීලී හැකියාවන් මෙම වෙබ් අඩවියේ පළකරන්න අප තීරණය කලා. 
අපේ පංතියට එන එක දරුවෙක් අපේ රටේ ගැමි ක්‍රීඩාවක් පරිගණක මෘදුකාංග ගතකරණය කර තිබෙනවා. කුඩා දරුවන්ගේ බුද්ධිය වර්ධනයට උපකාරී වන ගැමි ක්‍රීඩා බොහොමයක් අපේ රටේ තිබෙනවා ඉතින් මෙම ජන ක්‍රීඩාව පරිගණකගත කල දැයට වටින මේ දරුවගේ නම තමයි කවිදු තීක්ෂණ. තීක්ෂණ ඉගෙන ගන්නේ මාතර රාහුල විද්‍යාලයේ 10 වැනි වසරේ. පසුගිය දිනවල මාතර රුහුණ විශ්ව විද්‍යාලයේ සංවිධානය කරන ලද නව නිපැයුම් ප්‍රදර්ශනයේදීත් තීක්ෂණගේ මෘදුකාංග ඇතුළුව අපේ පංතියට එන සිසුන් බොහෝ දෙනෙකුගේ නව නිපයුම් ඉදිරිපත් කරල තිබුණ. රටක දියුණුවේ ඉදිරිගාමීන් පිරිස වන මේ පොඩ්ඩන් දිරිමත් කරන්නත් ඔවුන්ගේ හැකියාවන් ලෝකය වෙත ගෙන යන්නත් තමයි ඔවුන්ගේ හැකියාවන් මෙම වෙබ් අඩවියේ පළකරන්න තීරණය කළේ. ඉතින් පහත දැක්වෙන සම්බන්ධක ඔස්සේ අපේ දරුවන්ගේ හැකියාවන් බා ගත කරගෙන ඒවා නිරීක්ෂණය කර ඔවුන්ව දිරිමත් කරන්නට ඔබත් සිතට ගනු ඇතැයි සිතමු.
"ඉගෙන ගන්න ලෝකය වෙනස් කරන්න. ලෝකය වෙනස් කරන්න ඉගෙන ගන්න."